ලංකාවධූ පියපති සිරිකාකවණ්න - තිස්සව්හයේන මුනිරාජ ලලාට ධාතුං
ගබ්භේනිධාපිය සුනිම්මිත චාරුරූපං - වන්දාමි මංගලමහං ථුලථූප රාජං
සේරුනාම සරාසන්නේ සාරාථිසරඨානගං - වන්දේ කාරිත තිස්සේන ලලාට ධාතු චේතියං

ලංකාවධූ පියපති සිරිකාකවණ්න
තිස්සව්හයේන මුනිරාජ ලලාට ධාතුං
ගබ්භේනිධාපිය සුනිම්මිත චාරුරූපං
වන්දාමි මංගලමහං ථුලථූප රාජං
සේරුනාම සරාසන්නේ සාරාථිසරඨානගං
වන්දේ කාරිත තිස්සේන ලලාට ධාතු චේතියං

“සැදැහැති මහාජනයා තුළ සතුට උපදවමින්
කෛලාශකූට පර්වතය විලසින් නොසෙල්වී මැනවින් පිහිටා
සේරුවිල මංගල මහා ස්ථූප රාජයාණෝ වැඩසිටිනා සේක”


සේරුවිල පූජනීය පින්බිම සේරුවිල හා සේරුවාවිල යන නම් දෙකෙන්ම හඳුන්වයි. සේරුනුව යනු කාවන්තිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේ රුහුණු මාගම රාජධානියේ උතුරු කෙළවර පිහිටි ප්‍රාදේශීය රාජ්‍යයකි. එමෙන්ම සෝම නුවර හා ලෝණ නුවර නමින් ද ප්‍රාදේශීය රාජ්‍ය දෙකක් විය. සේරුනුවර සිව නම් රජතුමා විසින් ද, සෝමනුවර ගිරි අභය රජතුමා විසින් ද පාලනය කළබැව් ඉතිහාසය පොතෙහි මෙන්ම ධාතු වංශය නම් ග්‍රන්ථයෙහි ද දැක්වේ. 

සේරුවිල යළි පිබිද වූ

මහා යුග පුරුෂයාණෝ..!

සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අපවත්වී වදාළ අතිපූජනීය දඔගස්ආරේ ශ්‍රී සුමේධංකර
මහානායක මාහිමිපාණන් වහන්සේ..

දොඩන්දූවේ සිට ධාතුවංසය කියවා සේරුවිල ලලාට ධාතු ස්තූපය පිළිබඳ දැන එම පින්බිම සොයා යලි ගොඩනැගීමට අධිෂ්ඨාන කරනා විට උන්වහන්සේගේ වයස අවුරුදු 29කි. 1931 දී භික්ෂු ලියාපදිංචිය අරඹන විට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැඩසිටි එකම බෞද්ධ භික්ෂූන් වහන්සේ උන්වහන්සේ බව අතීත වාර්තාවන්හි කියැවේ.
1892 දෙසැම්බර් 09 වන දින ඔලොක්කුවේ පටබැඳිගේ නොනච්චෝහාමි මෑණියන්ට සහ මාවැල්ලේ රත්නවීර පටබැඳිගේ දොන් මෙන්දියස් පියාණන්ට දාව රත්නවීර පටබැඳිගේ දොන් නිකුලස් නමින් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දඹගස්ආර නම් රමණීය ගම්පියසෙහි උපන් අප කුලකුමරුවා දොළොස්වස් සපිරෙන විට 1904 දී පූජ්‍ය දෙවිනුවර ධම්මරතන නාහිමියන්ගේ සහ දොඩන්දූවේ සිරි පියරතන මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් ‘දඹගස්ආරේ සුමේධංකර’ නමින් දසසීල සංඛ්‍යාත උතුම් පැවිදි බිමට පත් විය…..

සේරුවිල මංගල රජමහාවිහාරයේ දායකත්වය දැරිය හැකි

වැඩසටහන් සහ සත්කාරයන්


තේවා/පූජා

සේරුවිල මංගල මහා සෑ රජුන් උදෙසා පවත්වනු ලබන සියලුම දෛනික තේවා, විශේෂ පූජාවන් සහ ඒවායේ දායකත්වයන් පිළිබඳව මෙම පිටුවෙන් ඔබට සවිස්තරාත්මකව දැනුවත් විය හැකිය.

සමාජ සත්කාර

ඓතිහාසික සේරුවිල පුදබිම කේන්ද්‍ර කරගනිමින්, නැගෙනහිර පළාතේ දරිද්‍රතාවය නිමා කර මූලික මානුෂීය අවශ්‍යතා සපුරාලන සෘජු මැදිහත්වීමයි.

Donation

සේරුවිල මංගල මහා සෑ රජුන් උදෙසා පවත්වනු ලබන සියලුම දෛනික තේවා, විශේෂ පූජාවන් සහ ඒවායේ දායකත්වයන් පිළිබඳව මෙම පිටුවෙන් ඔබට සවිස්තරාත්මකව දැනුවත් විය හැකිය.