දොඩන්දූවේ සිට ධාතුවංසය කියවා සේරුවිල ලලාට ධාතු ස්තූපය පිළිබඳ දැන එම පින්බිම සොයා යලි ගොඩනැගීමට අධිෂ්ඨාන කරනා විට උන්වහන්සේගේ වයස අවුරුදු 29කි. 1931 දී භික්ෂූ ලියාපදිංචිය අරඹන විට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැඩසිටි එකම බෞද්ධ භික්ෂූන් වහන්සේ උන්වහන්සේ බව අතීත වාර්තාවන්හි කියැවේ. 1892 දෙසැම්බර් 09 වන දින ඔලොක්කුවේ පටබැඳිගේ නොනච්චෝහාමි මෑණියන්ට සහ මාවැල්ලේ රත්නවීර පටබැඳිගේ දොන් මෙන්දියස් පියාණන්ට දාව රත්නවීර පටබැඳිගේ දොන් නිකුලස් නමින් දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දඹගස්ආර නම් රමණීය ගම්පියසෙහි උපන් අප කුලකුමරුවා දොළොස්වස් සපිරෙන විට 1904 දී පූජ්‍ය දෙවිනුවර ධම්මරතන නාහිමියන්ගේ සහ දොඩන්දූවේ සිරි පියරතන මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් ‘දඹගස්ආරේ සුමේධංකර’ නමින් දසසීල සංඛ්‍යාත උතුම් පැවිදි බිමට පත් විය.
1913 පොසොන් පුරපසළොස්වක් දා පූජ්‍ය දෙවිනුවර ධම්මරතන නාහිමියන්ගේ සහ පූජ්‍ය අලුත්ගම සිරි සීලක්ඛන්ධ මහා නාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උතුම් උපසම්පදා සීලයේ පිහිටි උන්වහන්සේ දොඩන්දූව ශෛලබිම්බාරාම සරස්වතී මණ්ඩප පිරිවෙනේ දී දහම් අධ්‍යාපනය ලැබූහ. සිය දිවි මගෙහි 29 වන කඩඉම උදා වන විට උන්වහන්සේ 1921 දී දොඩන්දූවෙන් නැව් නැග ත්‍රිකුණාමලයට පැමිණ එතැනින් සේරුවිල පින්බිම සොයා පැමිණියහ.
එතැන්සිට සේරුවිල පින්බිම ගොඩනගමින් උන්වහන්සේ සිදුකළ ලෝක ශාසනික සේවාව පසසා නිම කළ නො හැකිය.
කාවන්තිස් මහරජාණන් කරවූ ඒ අසදෘශ මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ වරින් වරයම් යම් යම් අය ප්‍රතිසංස්කරණය කොට ඇති බව හමුව තිබෙන නෂ්ටාවශේෂයන් අනුව කිය හැකි වෙතත් වර්තමාන ප්‍රතිසංස්කරණයට පෙර ශත වර්ෂ හත අටක් පමණ කාලයක් වල් බිහිව තිබෙන්නට ඇතැයි සිතිය හැකි වේ. එයට හේතුවන්නට ඇත්තේ ඒ පෙදෙස් වැසියන් අන්‍ය ලබ්ධිකයන් වීමත් ගමනා ගමනයේ දුෂ්කරත්වයත්ය. මෙකල ද ලක්දිව තිබෙන අතිශය දුර්ගමවූ ශ්‍රේෂ්ඨම පූජ්‍ය ස්ථානය මෙයම යයි කිය හැකිය.
ධාතු වංශය බැලීමෙන් මෙම ස්ථානය දැක වැඳ පුදා ගැනීමේ ආශාවක් ඇති වූ මම 1921 වර්ෂයෙහි එහි දැක්වෙන සලකුණු අනුව මහ වනය මැදින් සේරුවිල අයිනට ගොස් නැගෙනහිර පැත්තේ තිබෙන ගල ලගින් නැගෙනහිර බලා මහ වනය මැදින් රිංගා චෛත්‍ය රාජයන් ළඟට පැමිණියෙමි.
පෙර කල ගල්මුවා සතර වාහල් කඩකින් හා මහා ගල් පවුරකින් වටකොට බෙර ඇසක් සේ සමවන පරිද්දෙන් ඔප දැමු කළුගල් අතුළ මලුව මැද නිල්වන් ගුවන් තලය මැද පුන්සඳ මඬලක් මෙන් දිලිසෙමින් බැබලුණැයි දැක්වූ චෛත්‍ය මා ඇසට පෙනුණේ අවට විශාල කෝන් ගස් රැසකින් මුළු සෑයම වසාගත් මහ නුගගසකිනුත් වැසුණු බඹ පසළොසක් පමණ වූ පස් ගොඩක් හැටියට ය.
එය දැකීමෙන් මා සිත තුළ ඇති වූ සංවේගය කිය නොහැකි තරම් වූවකි. රුහුණු බෞද්ධ රාජධානියේ කෙළවර පන්සියයක් මහ සඟුනට නිවාස පහසු සලසමින් සංඝාවාස උපෝසථාගාර බෞද්ධ ගෘහ ප්‍රතිමා මාලකාදී සියලු විහාරාංග සම්පූර්ණ ස්ථානයක් හැටියට පෙර පැවති ස්ථානය එදා පැවැත්තේ අලි කොටි වලස් ආදී චණ්ඩ වන මෘගයන්ගේ ක්‍රීඩා භූමියක් හැටියටය.
වැඳ පුදා එන්නට සිතා ගිය මට ගමන් විඩා සංසිඳීම් වශයෙන් මඳ විවේකයක් ගැන්මෙන් පසු එහිදී අදහස් වූයේ කෙසේ හෝ මාගේ ජීවිත කාලයේ මේ චෛත්‍ය කරවන්නට ලැබුණොත් එය මාගේ ජීවිතයේ වටිනා අවස්ථාව හැටියටය. එසේ සිතුන මම සැතපුම් ගණනකින්වත් ආසන්නයෙහි මිනිස් කට හඩක් නැති ඔබ්බෙහි වසන්නවුන් හින්දු මුස්ලිම් ජාතිකයන් බැවිනුත් බොහෝ දුර කල්පනා කොට ‘කෙසේ හෝ මේ චෛත්‍යය පුරාතන තත්ත්වයට ප්‍රතිසංස්කරණය කළ යුතුම ය’යි බලවත් සේ අධිෂ්ඨාන කොටගෙන මුහුදෙන් සැතපුම් එකුන් විස්සක් ද ගොඩින් සැතපුම් සවිස්සක් ද දුර වූ ත්‍රීකුණාමලයට ගොස් එහි වැසි ධනවත් වෙළඳ මහතෙක් වූ ටී.ඒ.ඩී. බස්රථ සමාගමේ අයිතිකාර තැන්පත් දොඩන්දූවේ කේ. පී. ඩබ්ලිව්. සුගතදාස මුදලාලි මහතා හමුව සාකච්ඡා කොට ඒ පිණිස රජයෙන් අවසර ලබා ගැනීම සඳහා අයදුම් පතක් යැවීමි.
එකල මා සේම ධාතුවංසයෙන් තොරතුරු දැන සේරුවිල වන්දනාවට ගොස් එය ප්‍රතිසංස්කරණය කරන්නට අදහස් කරමින් එකල ආණ්ඩුවේ භාෂා පරිවර්තක ධුරය දරමින් සිටි වැල්ලවත්තේ ඩී.ඩී. වීරසිංහ මුදලිතුමාට මාගේ අයදුම්පතේ විස්තරය දැනගන්නට ලැබී එතුමාගේ අදහස ද ලියුමකින් මට දන්වා තමන් හමුවන ලෙස මට දැන්වීය. ඒ අනුව මා වැල්ලවත්තට ගොස් එතුමා ද සමඟ සාකච්ඡා කොට එතුමා සභාපති ද සුගතදාස මුදලාලි මහතා භාණ්ඩාගාරික ද කළුතර ඩී.ඒ. සමරවීර මහතා ලේකම් ද කොට තවත් බොහෝ සැදැහැවතුන් සහය කොට ගෙන සේරුවිල චෛත්‍යවර්ධන සමිතිය ආරම්භ කර 1924 වර්ෂයේ පොසොන් මස මුල්ගල තබා වැඩ පටන් ගතිමි.
වැඳ පුදා එන්නට සිතා ගිය මට ගමන් විඩා සංසිඳීම් වශයෙන් මඳ විවේකයක් ගැන්මෙන් පසු එහිදී අදහස් වූයේ කෙසේ හෝ මාගේ ජීවිත කාලයේ මේ චෛත්‍ය කරවන්නට ලැබුණොත් එය මාගේ ජීවිතයේ වටිනා අවස්ථාව හැටියටය. එසේ සිතුන මම සැතපුම් ගණනකින්වත් ආසන්නයෙහි මිනිස් කට හඩක් නැති ඔබ්බෙහි වසන්නවුන් හින්දු මුස්ලිම් ජාතිකයන් බැවිනුත් බොහෝ දුර කල්පනා කොට ‘කෙසේ හෝ මේ චෛත්‍යය පුරාතන තත්ත්වයට ප්‍රතිසංස්කරණය කළ යුතුම ය’යි බලවත් සේ අධිෂ්ඨාන කොටගෙන මුහුදෙන් සැතපුම් එකුන් විස්සක් ද ගොඩින් සැතපුම් සවිස්සක් ද දුර වූ ත්‍රීකුණාමලයට ගොස් එහි වැසි ධනවත් වෙළඳ මහතෙක් වූ ටී.ඒ.ඩී. බස්රථ සමාගමේ අයිතිකාර තැන්පත් දොඩන්දූවේ කේ. පී. ඩබ්ලිව්. සුගතදාස මුදලාලි මහතා හමුව සාකච්ඡා කොට ඒ පිණිස රජයෙන් අවසර ලබා ගැනීම සඳහා අයදුම් පතක් යැවීමි.
යක්කල දඹුවේ පීටර් වීරසේකර මුදලි තුමාණන් හා එම මැතිණියන් සහ සිය වියදමින් කොත සාදවා දීම ද එයට බලවත් උපකාරයක් විය. මෙසේ චෛත්‍යයේ පමණක් වැඩ අවසන් කොට අද එය ඉතා දර්ශනීය ආකාරයෙන් පවතින නමුත් සලපතළ මළුව, ගල් පවුර, වැලි මළුව, සතර වහල්කඩ ආදියත් වන්දනාව සඳහා යන එන්නවුන්ගේ නිවාස පහසුකම් ආදිය සඳහා විශ්‍රාමශාලා ආදියත් නේවාසික සංඝයා වහන්සේගේ නිවාස පහසුකම් ආදියත් පිළිබඳ තවමත් නිසි ලෙස කටයුතු පිළියෙළ කරන්නට නොහැකි විය.
පෙර පන්සියයක් මහා සංඝයා වහන්සේ වැඩ විසූ ස්ථානයක් හැටියට ධාතුවංශයෙහි දැක්වෙන නමුත් අද මෙම ස්ථානය පවතිනුයේ එකද භික්ෂුන් වහන්සේ කෙනෙකුටවත් නැවතී යැපෙන්නට විදියක් නැති තත්ත්වයෙනි. පෙර කාවන්තිස්ස මහ රජතුමා මේ ස්ථානය සකල විහාරංගයන්ගෙන් සම්පූර්ණ කරවා තුන් යොදුනක් මානයේ ගම්බිම් පුදා මතු දියුණුව සැලසූ නමුත් අද අපට රජයෙන් ලැබී ඇත්තේ සෑ මළුව ඇතුළු සුළු බිම් පෙදෙසක් පමණකි.
කෙසේ වෙතත් බෞද්ධ නාමයක් වත් අසන්නට නොපැවති නැගෙනහිර පළාතේ ඝන වනාන්තරය මැද අන්‍ය ලබ්ධිකයන් සමඟ පමණක් නොව අලි කොටි වලස් ආදී චණ්ඩ මෘග ජාතීන් සමඟත් නා පොළං ආදී විෂඝෝර සර්පයන් සමඟත් සටන් කෙරෙමින් මෙතරම්වත් මේ ස්ථානය දියුණු කරන්නට ලැබීම මගේ ජීවිතයේ වාසනාවන්ත පරිච්ඡේදය හැටියට මම සලකමි.
මේ ගැන මා විඳි දුක් අපමණය. ඇතැම්විට ආහාරයක් තබා වතුර පොදක් පමණවත් නොලැබ මා ගත කළ දින අනන්තය. එක් විටෙක පිට පිට එකොළොස් දිනකට මාගේ ආහාර වශයෙන් වූයේ සේරුවක් පමණ වූ හබලපෙති ටිකක් පමණකි. එබඳු වාර අනන්තය.
එක් විටෙක මහ වනය මැද මගේ ආරක්ෂක හිතවත් ඥාති මිත්රයින් හැටියට විසුවෝ කොටි වලස් ආදී චණ්ඩ සත්තුය. රාත්‍රී කාලයේ මා කුටිය තුළට වී දොර වසා ගත්තායින් පසු කොටි වලසුන් පැමිණ ඉස්තෝප්පුවට වී නිදා ගනිති. ඒ හැර වෙන ආරක්ෂකයෝ මට නොවූහ. මා එලියට බහිනවාත් සමඟ ම සෙමින් එලියට බැස යෑම ඔවුන්ගේ සිරිත විය. කිසි දිනක ගෙරවීම් හඬකින්වත් මා බියකරන්නට ඔවුන් උත්සාහ කළා මට මතක නැත.
හැම පොහෝ දිනයකම වාගේ අප නින්දට ගිය පසු රෑ දොළහට පමණ බෙර දවුල් තම්මැට හොරණෑ ආදී තූර්ය ඝෝෂ පවත්වමින් සාදුකාර දෙමින් මුළු පෙදෙසම එක සුවඳ පිඩක් මෙන් සුවඳවත් කෙරෙමින් පෙරහැර පවත්වනු අපට ඇසේ. බලන්නට යන නමුත් දකින්නට කිසිවෙකුත් හමුවන්නේ නැත. දෙවියන් ඇවිත් වඳිනු නොයෙක් දිනවල මා දැක ඇත. ඈත සිටින කල පෙනෙන නමුත් ලංවන කල ඔහු අතුරුදන් වෙති. හැම පසළොස්වක් දිනකම වාගේ බුදුරැස් විහිදෙනු දකින්නට ලැබේ.
තවත් ආශ්චර්ය කාරණයක් නම් නොසිරිත් අන්දමින් කටයුතු කරන්නෙකුට මේ ස්ථානයේ වසන්නට නොහැකි වීමයි. කෙසේ හෝ එවැනි අයට ස්ථානයෙන් අස්වී යන්නට කටයුතු සැලසේ. මේ ආදී නොයෙක් කරුණු වලින් ආශ්චර්යජනක මේ ස්ථානය දියුණු කරන්නට ලැබීම මගේ වාසනාවක් ලෙස මම සලකමි.
මේ නිසාම බෞද්ධ නාමයක්වත් නොපැවති දුරාතීතයෙහි මහා බෞද්ධ රාජ්‍යයක් වූ නැගෙනහිර පළාතේ වර්තමාන සම්බුද්ධ ශාසන දියුණුවේ ආදි කර්තෘවරයා වන්නට මට අවස්ථාව ලැබුණි. 2,500 සම්බුද්ධ ජයන්ති උත්සවය පැවැත්වීමේ නැගෙනහිර පළාතේ ප්‍රධාන ස්ථානය හැටියට මහජන රජය මගින් මේ ස්ථානය තෝරා ගැනීම මට මෙන්ම ස්ථානයේ දියුණුව සඳහා කටයුතු කරන සියලු දෙනාගේම සතුටට කරුණකි.