About Us

ලලාට ධාතූන් වහන්සේ

               සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් පසු අටවන වසරේ තුන්වැනි වරට ලක්දිවට වැඩමකළ අවස්ථාව තෙක් ඈත අතීතය හා බැඳුනකි. බුදුරදුන් එම ගමනේදී රහතන් වහන්සේලා පන්සිය නමක් ද සමගින් මුලින්ම කැලණියට වැඩම වූවාට පසු උන්වහන්සේ එම රහතන් වහන්සේලා ද සමගින් සිරිලක මහවැලි ගඟ දකුණු තෙර සේරුනම් විල්තෙර කෙළවර පිහිටි වරාහසොණ්ඩ නම් ගල් කෙමිය අසල සුපිහිටි මෙම පුණ්‍ය භූමියට වැඩම කළ අවස්ථාවේ මේ භූමියේ රැස්ව සිටි සුමන නම් නාරජු ඇතුලු නාපිරිස අමතා,

“මේ භූමියේ කකුසඳ, කෝනාගම, කාශ්‍යප යන පෙර තුන් බුදුවරුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා නිධන් කොට ඇති බවත්,පිරිනිවීමෙන් පසු මාගේ ලලාට ධාතුව පිහිටුවා අනාගතයේදී මේ රටේ රජකම් කරනු ලබන කාවන්තිස්ස නම් රජතුමන් විසින් මාහැඟි දාගැබත් කරවනු ලබන්නේය.”

සේරුවිල මංගල රජමහා විහාරය

ඉතිහාසය සහ පූජනීයත්වය: ක්‍රි.පූ. 2 වැනි සියවසේ කාවන්තිස්ස රජු විසින් ඉදිකරන ලද්දකි. මෙහි ඇති ප්‍රධානතම වටිනාකම වන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ මෙහි නිධන් කර තිබීමයි. මෙය ශ්‍රී ලංකාවේ සොළොස්මස්ථානවලින් එකකි.

පුනර්ජීවනය: සියවස් ගණනාවක් වනාන්තරයෙන් වැසී ජරාවාස වී තිබූ මෙම සෑය, 1922 දී පූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නාහිමියන් විසින් නැවත සොයාගෙන දැඩි දුෂ්කරතා මැද ප්‍රතිසංස්කරණය කරන ලදී.

වර්තමාන නායකත්වය: වත්මන් විහාරාධිපති ලෙස කටයුතු කරන්නේ පූජ්‍ය අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේය.

ප්‍රායෝගික යථාර්ථය: වර්තමානයේ මෙය හුදු වන්දනාමාන කරන ආගමික ස්ථානයක් පමණක් නොවේ. නැගෙනහිර පළාතේ බෞද්ධ ජනතාවගේ පැවැත්ම තහවුරු කරන ප්‍රධාන මධ්‍යස්ථානයයි. දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන අවට ගම්වාසීන්ගේ අධ්‍යාපන, ආහාර, සහ නිවාස අවශ්‍යතා සඳහා ‘සේරුවිල සමාජ සත්කාරය’ හරහා සෘජුව සහ ප්‍රායෝගිකව මැදිහත් වන්නේ මෙම විහාරස්ථානයයි.

වර්තමාන විහාරාධිකාරී ස්වාමීන් වහන්සේ

මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ
ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන නංක නායක ධුරන්දර ඓතිහාසික සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පුජ්‍යපාද අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ

1984 වසරේ මහනුවර අලුදෙණියේදී උපත ලැබූ උන්වහන්සේ, මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකුව සිටියදී 2004 වසරේදී ශාසන විලට ඇතුළත් වූහ. සේරුවිල සරණකිත්ති සහ මුන්හේනේ මෙත්තාරාම යන නාහිමිවරුන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස පැවිදි දිවිය ඇරඹූ උන්වහන්සේ, වර්තමානය වන විට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ කල්‍යාණිවංශ පාර්ශ්වයේ කෝට්ටේ ප්‍රධාන සංඝනායක ධුරය හොබවති.

සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ධන සමිතිය

මෙම පූජනීය පින්බිම සේරුවිල හා සේරුවාවිල යන නම් දෙකෙන්ම හඳුන්වයි. සේරුනුව යනු කාවන්තිස්ස රජතුමාගේ රාජ්‍ය කාලයේ රුහුණු මාගම රාජධානියේ උතුරු කෙළවර පිහිටි ප්‍රාදේශීය රාජ්‍යයකි. එමෙන්ම සෝම නුවර හා ලෝණ නුවර නමින් ද ප්‍රාදේශීය රාජ්‍ය දෙකක් විය. සේරුනුවර සිව නම් රජතුමා විසින් ද, සෝමනුවර ගිරි අභය රජතුමා විසින් ද පාලනය කළබැව් ඉතිහාසය පොතෙහි මෙන්ම ධාතු වංශය නම් ග්‍රන්ථයෙහි ද දැක්වේ. 

සේරුනුවර අසබඩ පිහිටි විශාල විල සේරුවිල නම් විය. ඒ අනුව මෙම භූමිය සේරුවිල වශයෙන් ව්‍යවහාර විය…