සේරුවාවිල නිකිණි මංගල්‍යය

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේත් කේෂ ධාතූන් වහන්සේලාත් සුවඳවත් ගර්භයේ දරා වැඩ සිටින,
සිව් බුදුරජාණන් වහන්සේලාගේ ධාතු ස්ථූප පිහිටන පින්බිමේ ඉදි වූ සේරුවිල මංගල මහා සෑ රජුන් අනේක පූජාවන්ගෙන්
පූජෝපහාරයට පත් කරමින් සේරුවිල නිකිණි පූජා මහෝත්සවය පෙරහැර මංගල්‍යය ද සහිතව දෙව් බඹ නර නා
සාධු නාද මධ්‍යයේ අති උත්කර්ෂවත් අයුරින් වර්ශයක් පාසා පැවැත් වෙන වගයි !

ස්තූප වන්දනා, මහා ආලෝක පූජා, සුවඳ පූජා, පුෂ්ප පූජා, කංචුක පූජා, පහන් පූජා, ත්‍රිපිටක සජ්ඣායනා, ධර්ම දේශනා,
සංඝගත දක්ෂිණා, ලලාට ධාතු සම්බුද්ධ තේවා ආදී නේකවිධ පින්කම් සිදු කිරීමෙන් සත් ජනයා මෙකල බොහෝ සේ පින් කරගනී.

පසුගිය සේරුවාවිල නිකිණි මංගල්‍යයයන්

සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහැර – 2023

සේරුවිල ‘ශ්‍රී ලලාට ධාතු මහා පෙරහැර’ අති උත්කර්ෂවත් අයුරින් සේරුවිල මංගල රාජමහා විහාර පරිශ්‍රයේ වීදි සංචාරය කරනා ලදී. සධාතුක කරඬු වහන්සේ ශ්‍රී දළදා මාළිගාවේ මියන්රාජා

Read More »

සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහ පෙරහැර මංගල්‍යය – 2025

ශ්‍රීමත් සම්බුද්ධ ලලාට ධාතුන් වහන්සේටත් උතුම් කේෂ ධාතුන් වහන්සේලාටත් සේරුවිල මංගල මහා සෑ රජුන්ටත් උපහාර පිණිස පැවැත්වූ සේරුවිල නිකිණි පූජෝත්සවයේ ලලාට ධාතු මහා පෙරහැර මංගල්‍යය

Read More »

සේරුවිල ලලාට ධාතු මහ පෙරහැර මංගල්‍යය – 2024

ශ්‍රීමත් සම්බුද්ධ ලලාට ධාතුන් වහන්සේටත් උතුම් කේෂ ධාතුන් වහන්සේලාටත් සේරුවිල මංගල මහා සෑ රජුන්ටත් උපහාර පිණිස පැවැත්වූ සේරුවිල නිකිණි පූජෝත්සවයේ ලලාට ධාතු මහා පෙරහැර මංගල්‍යය

Read More »